ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ඔස්ට්‍රෙලියා කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි ව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට නියමිත ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

එහි නායකත්වය හිමි ව ඇත්තේ ස්ටීවන් ස්මිත් හට යි.

පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් මව්බිමේ රැඳී සිටීම හේතුවෙන් ඔහු තරගාවලියේ පළමු තරගයට එක් වීම අවිනිශ්චිත මට්ට්මක පවතිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ලෙස සීන් ඇබොට්, ඇලෙක්ස් කේරි, කූපර් කොන්නොලි, ට්‍රාවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිස්, උස්මන් කවජා, සෑම් කොන්ස්ටස්, මැට් කුහෙනෙමන්, මාර්නස් ලබුශේන්ග්, නෙතන් ලියෝන්, මෙතන් මැක්ස්වීනි, ටොඩ් මර්ෆි, මිචෙල් ස්ටාක්, බියු වෙබ්ස්ටර් සහ ස්කොට් බෝලන්ඩ් තරගාවලියට එක් ව සිටිනවා.

දෙරට අතර ටෙස්ට් තරග දෙකක් සහ එක් එක්දින තරගයක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනිදා ගාල්ලේ දී පැවැත්වෙනු ඇති.