ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂක පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක්

උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යොදව ඇති පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් යන අය කළ ඉල්ලීමකට අනුවයි.

මෙලෙස උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා රාජකාරියෙහි නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25) දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරුණා.

අනුරාධපුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරුනු අතර උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ගෞරවාන්විත සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා.

උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුව තුළ රාජකාරිය කරන පොලිස් නිලධාරීන් 26 කට හා නිලධාරිනියන් 4 දෙනෙකුට මෙලෙස නව නිල ඇඳුමින් රාජකාරියෙහි නිරත වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?