ශ්‍රී පාදයට කේබල් කාර් සවි කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී පාදස්ථානාධිපති හිමිගේ ආශිර්වාදය

2025-2026 වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ (30) දිනට පසු දින මැයි (31) දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක,
පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නා හිමියන් පවසනවා.

ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් ඒ බැව් පැවසූවේ, 2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික නිළධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝත් මහත්මියගේ ප්‍රධානත්වයෙන්
නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයෙ (08) දින පස්වරුවේ පැවති රැස්වීමකදීයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ, වෙසක් පොහෝදා ශ්‍රී පාද උඩ මළුවේ පෝදා ආගමික වැඩසටහහන් ගණනාවක් පැවත්වෙන බවත්, ඊට පසු දින (31) දින ශ්‍රී පාද උඩ මළුවවේ පැවැත්වෙන උදෑසන පූජාවෙන් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර, පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට, එරත්න මාර්ගයේ පෙරහැරකින් පැල්මඩුල්ල ශ්‍රී පාද රජමාහා විහාරස්ථානය කරා වැඩම කරවන බවයි.

එමෙන්ම ශ්‍රී පාද උඩමළුවවේ දහවල් පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය, බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සෙ නල්ලතන්නිය, ලක්ෂපාන, අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල රජමාහා විහාරස්ථානය දක්වා තවත් පෙරහැරවල් දෙකක් ගමන් ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට (31) දින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කර, එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පවත්වා, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කල ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව පෙරහැරකින් වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන
තෙක් එහි තැම්පත් කර තැබෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

දිට්වා සුළි කුණාටුවක් පැවතියද සාර්ථකව 2025-2026 ශ්‍රී පාද වන්දනා සමය පැවති බවත්, ශ්‍රි පාදය කේන්ද්‍ර කර ගනිමින් කේබල් කාර් පද්ධතියක් ඉදි කිරිමට රජය සැළසුම් කර ඇති බවත්, ඒ සදහා තම ආශිර්වාදය රජයට ලබා දෙන බවයි ශ්‍රී
පාදස්ථානාධිපති නා හිමියන් රජයට කියා සිටියේ.

එම කේබල් කාර් පද්ධතිය හැරමිටි පහණ දක්වා පමණක් සීමා විය යුතු බවට ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් මෙම රැස්වීමෙදි කියා සිටියා.

ධර්ම සුගන්ධ මනුසත් පදනම මගින් හැටන් මාර්ගයේ සිත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා වන්දනාකරුවන්ට පානීය ජල ක්‍රමයක් යොදා ඇති නිසා මෙවර වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය වෙනත් ශ්‍රි පාද වන්දනාවාරවලට වඩා මෙවර අවම මට්ටමක පැවති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මෙම රැස්වීමේදි කරුණූ ඉදිරිපත් කරමින් කියා සිටියා.

2026-2027 ශ්‍රී පාද වන්දනාවාරයෙදි එම ජල යෝජනා ක්‍රමය ශ්‍රී පාද උඩමළුව දක්වාම ලබා දීමට කටයුතු කරන බවයි එම පදනමේ ලේකම් පියතිස්ස වික්‍රමරත්න කියා සිටියේ.

මෙම රැස්වීමට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, හැටන් කොට්ටාසභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර ඇතුළු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණ දෙන නිළධාරි මේජර් ලසන්ත ඇතුළු පිරිසල් සහභාගී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
18
+1
2
+1
4
+1
6
+1
0
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44