spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිපයේ සභාපතිකම ඉල්ලා මෛත්‍රීපාල උසාවි යයි

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වග උත්තරකරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර නම් කර තිබෙනවා

හිටපු ජනාධිපතිවරයා සිය අභියාචනා පෙත්සමෙන් කියා සිටින්නේ වග උත්තරකරු විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි

කොළඹ දිසා අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?