ශ්‍රි ලංකාවේ ජය මැක්ස්වෙල් උදුරා ගනී

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 2කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා.

 කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 53ක් තුළ ලකුණු 55ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඇෂ්ටන් ඒගාර් සහ මානස් ලබුශේන් කඩුලු 2 බැගින් දවාගත්හ.

තරගය අතරවාරයේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 44ක් තුළ ලකුණු 282ක ඉලක්කයක් හිමි විය.

කෙසේවෙතත් පන්දුවාර 42ක් පන්දු 3ක් තුළ කඩුලු 8ක් දැවී ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 80ක් අතර ස්ටීවන් ස්මිත් ලකුණු 53ක් රැස් කළේය.  

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගත් අතර සිය මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් දවාගත්තේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14