ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුව කල්යයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය ලබන 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළා.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

ඇයට දින තුනක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බවත්, එම නීතිඥවරු වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.

ඒ, අනුව නඩු විභාගය ලබන 28 වනදා ට කල්දැමූ අධිකරණය එදින වැඩිදුර විභාගය සිදුකරන බවත් නිවේදනය කළා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී සාක්ෂි දීම සඳහා හිටපු ආගමන හා විගමන පාලකවරයා සහ හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09