ශෂී වීරවංශට එරෙහි නඩුවක් මාරු කරන ලෙස නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ශෂී වීරවංශට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව අදාළ නඩුව හෙට (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමෙන් අනතුරුව එම අධිකරණයේ තිබෙන අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙස ද නියෝග කෙරුණා.

පෙත්සම්කාර ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් එම නඩුවෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බව කියා සිටියා.

තමා අසනීපව සිටි අවස්ථාවක ද මෙම නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා සූදානම් වූ බව පෙන්වාදෙන ජනාධිපති නීතිඥවරයා මේ තුළින් තමන්ට යුක්තියක් ඉටු නොවනු ඇතැයි සැකයක් මතු වී තිබෙන හෙයින් එම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස තම සේවාදායකයිකාව අධිකරනයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ නඩු විභාගයන් කාර්යක්ෂම කිරීම සඳහා මහේස්ත්‍රාත්වරු විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් යම් ගැටළු සහගත තත්ත්වයක් මතු වන්නේ නම් ඊට අදාළව සුදුසු නියෝග නිකුත්කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09