spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශෂී වීරවංශගෙන් අභියාචනයක්

වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇයගේ නීතිඥවරුන් විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම අධිකරණය විසින් එළඹෙන 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (27) වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?