වෛද්‍යවරයෙකුගේ මවක් කොරෝනා ආසාදිතව මියයයි

කොළඹ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ මවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසා සිටියේ, අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී සුවය ලබා නිවසට පැමිණි පසුව මවගේ රෝගය විනිශ්චය කරගත හැකි වු බවය.

ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සිටින සාමාජිකයින්ටත් කොවිඩ් මර්දන එන්නත් ලබාදිය යුතු බව ද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කරයි.

“ඕන රටක එන්නත්කරණය සඳහා තියෙනවා ප්‍රමුඛතා අනුපිළිවෙලක්. එක්සත් රාජධානියේ අවුරුදු 80ට වැඩි අයට මුලින් ම එන්නත් ලබාදෙනවා. 75, 60, 55 යනුවෙන් අඩු වයස් කාණ්ඩ දක්වා එන්නත් ලබාදෙනවා. විලියම් කුමාරයා ඉතාම මෑතක දී තමයි එන්නත්කරණයට ලක්කරේ. ඔහුගේ වයස් කාණ්ඩයට පැමිණිමෙන් පසු. ඊයේ දිනයේ දී ඉතාම කණගාටුදායක සිද්ධියක් වාර්තා වුණා. කොළඹ ප්‍රධාන රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ මවක් කොරෝනා රෝගයෙන් මියගියා. වෛද්‍යවරයා කොරෝනා රෝගය හැදිලා අදාළ ප්‍රතිකාර සඳහා යොමුවෙලා ගෙදරට ආවට පස්සේ තමයි මවගේ රෝග විනිශ්චය කරන්න ලැබුණේ. එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්න අයගේ දෙමාපියන් එන්නත්කරණයට ලක්කිරීමට අදාළ අංශ කටයුතු කරා නම්. ඒ බව හඳුනාගත් වසංගත රෝග අංශයක් නෙමෙයි අපට ඉන්නේ.“

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට නම් දෙසතියකට රට වසා දැමීම අත්‍යවශ්‍ය බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් අවධාරණය කරයි.

මේ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, කුඩා දරුවන් 1000කට වැඩි සංඛ්‍යාවකටක් ද කොවිඩ් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.

මැයි මාසයේ මුල් දින  10 තුළ දෛනික සාමාන්‍ය මරණ සංඛ්‍යාව 15 ක් වැනි අගයක පැවතියත් දෙවන දින 10 තුළ දෛනික සාමාන්‍ය මරණ සංඛ්‍යාව 25 සීමාවත් පසු කර තිබේ.

ඒ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවත් ඊයේ (20) වාර්තා වූ අතර එම ගණන 38කි.

අඛණ්ඩව දින 03 ක් ඒ අනුව දෛනික මරණ සංඛ්‍යාව 30 සීමාවත් පසු කර තිබේ.

අද වනවිට කොවිඩ් ආසාදිත මරණ 1089 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් මරණ 411 ක් එනම් සියයට 38 ක්ම වාර්තා වී තිබෙන්නේ මැයි මාසය තුළදීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46