spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරයෙකුගේ කැත වැඩක් අතටම අහුවුණු හැටි

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් සහ පානදුර (උතුර) පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහය ද සමග පානදුර (උතුර) පොලිස් වසමේ ගාලු පාර, පල්ලියමුල්ල, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

ගොරකාපොළ, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පමණ පානදුර රජයේ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන යන ලද පානදුර නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී හෙරොයින් මත් ද්‍රව්‍ය සදහා හුරු වූ මත් ලෝලීන් හට එම මත් ද්‍රව්‍ය මෙම දිනවල දී සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මානසික රෝගීන් සදහා ලබා දෙන ලද මෙම මත් පෙති ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කරමින් සිටිය දී නීති විරෝධී මත් පෙති 20,030 ක් සමඟ අත්අඩංගුවට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර (උතුර) පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම මත් පෙති ලබාගැනීම සදහා පැමිණ සිටි තරුණයන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද මත් පෙති වල වටිනාකම රු. ලක්ෂ තිහකට අධික වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?