වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කරන යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට

වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට / තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, අනිද්දා (26) දිනයේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

එම කැබිනට් මණ්ඩල තීරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත්ව ඇති නිසා, නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බව, සභානායකවරයා අද (24) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විශේෂඥ වෛද්‍ය නිලධාරින්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදි, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනවාරි 01 දින සිට ජුනි 30 දින දක්වා වන කාලසීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි 30 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සහ ජුලි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාල සීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සඳහා අනු කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

අමාන්‍ය කමිටු වාර්තාවේ (අ) සිට (ඉ) දක්වා ඇති නිර්දේශ පහතින්,

(අ) දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම.

(ආ) මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වීම,

(ඇ) මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඈ) මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඉ) මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම විශ්‍රාම ගැන්වීම.

නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ග 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් විය යුතු වන අතර, ඉන් ඉදිරියට අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරින් මෙන්ම වෛද්‍ය නිලධාරින් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බවට ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර,ඇති, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවේ දැක්වෙනවා.

යෝජනා සම්මතය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ඉහත සඳහන් තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව යෝග්‍ය පරිදි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමට ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17