spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වේල්සයේ කුමරිය කේට්ට පිළිකාවක්

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් පිළිකා රෝගයට ගොඳුරු වී ඇති බව වාර්තා වනවා.

කුමරිය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වර්ත් කළේ.

විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කුමරිය විසින් තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව හෙළිකර තිබුණා.

42 හැවිරිදි කේට් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන කළ අතර, එම සැත්කමින් පසු ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

එලෙස ඇය ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඇතුළු රජ පවුලේ සිදුවීම් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන පැපරාසි මාධ්‍යවේදීන් නොයෙකුත් පුවත් මවන්නට පටන්ගෙන තිබුණා.

පිළිකාව පිළිබඳ තොරතුරු අනාවරණය නොකරන නමුත් කුමරිය සම්පූර්ණ සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බව කෙන්සිංටන් මාලිගය පවසනවා.

මේ අතර ඔටුන්න හිමි තුන්වන චාල්ස් රජු ද පිළිකා රෝගයකට ගොඳුරු වී ඇති බව මීට පෙර අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?