වේග සීමා පුවරු නොතකා ධාවනය කළ වරදින් වනඅලි දෙදෙනකු මරුට

තලෙයිමන්නාරම් දුම්රියේ ගැටීමෙන් වනඅලි දෙදෙනෙක් මරුට

තවත් වනඅලි දෙදෙනකු දුම්රියෙහි ගැටී මරණයට පත් ව තිබෙනවා.

මෙම අනතුර අද අලුයම් කාලයේ දී සිදු ව ඇත්තේ වව්නියාව – සෙට්ටිකුලම් හි අඩියාපුලියන්කුලම් ප්‍රදේශයේ දීයි.

තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රියටයි මෙම වන අලි දෙදෙනා හැප්පී ඇත්තේ.

වව්නියාව වනජීවි කාර්යාලය පවසන පරිදි කොළඹ සිට තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට මොවුන් ගැටී ඇත්තේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ ගැනීමේ දී බවයි.

මෙම වනඅලි දෙදෙනාට අමතර ව බොහෝ විට එම අනතුරින් තවත් වනඅලීන් තුවාල ලබන්නට ඇති බවට ද වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.

කෙසේ වෙතත් අදාළ දුම්රිය මාර්ගයේ අනතුර සිදු වූ ස්ථානයේ වනඅලීන් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන මන්තලව්වක් බැවින් වේග සීමා ප්‍රදර්ශනය කළ ද; දුම්රිය රියදුරු එය නොතකා අධික වේගයකින් දුම්රිය ධාවනය කරන්නට ඇති බවට ද වනජීවිය සැක පළ කරන බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 15 ත් 20 අතර වයස්හි පසුවුණ ගැහැනු සහ පිරිමි වනඅලීන් දෙදෙනෙක්.

මියගිය සත්ත්වයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උතුරු පළාත් වනජීවී පශු වෛද්‍ය බී.ගිරිධරන් ඇතුළු වනජීවී නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14