spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් මෙරටින් හමුවෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

බී.ඒ අනු ප්‍රභේදය සහිත රෝගීන් බොහෝ දෙනකු කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අය බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණය කිරීමේ (සැර කොරෝනා ප්‍රභේද සෙවීමේ) තවත් පරීක්ෂණයක් ලබන 8 වෙනිදා සිදු කරන බව සඳහන් කළ ජීවන්දර මහතා එම පරීක්ෂණය මඟින්ද කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ලෝකය පුරා මේ දිනවල තදින්ම පැතිරෙන්නේ මේ නව අනු ප්‍රභේදය බවත් මේ ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී යම් අවදානම් තත්වයක් මතු වීමට ඉඩ ඇති බවත් මහාචාර්යවරයා කීවේය.

ජනතාව මෙනිසා සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු කිරීම වැදගත් බව සඳහන් කළ චන්දිම ජීවන්දර මහතා විශේෂයෙන්ම සෙනග ගැවසෙන ස්ථානවල මුව ආවරණ පැළඳ කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

මෙම අනු ප්‍රභේදය සමග රටේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?