AFC Banner
Empty Ad

වේගයෙන් යන රියදුරන් අල්ලන ගැජට් එක පොලිසිවලට බෙදයි (වීඩියෝ)

වේග සීමාව ඉක්මවා රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමට යොදාගන්නා වේග මාපක උපකරණ (SPEED GUN) පොලිසි වෙත බෙදාදීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ, අනුව රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක උපකරණ 30ක් පොලිස් රථ වාහන නිලධාරීන් වෙත සංකේතාත්මකව ලබාදීම අද (11) දිනයේ දී සිදුකෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහි පළමු අධියර යටතේ මීගමුව, කැළණිය, ගම්පහ යන පොලිස් කොට්ඨාසවලට මෙම උපකරණ බෙදාදීම මෙලෙස සිදුකෙරුණා.

එමෙන්ම ඉදිරියේ දී දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම උපකරණ ලබාදීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම වේග මාපක උපකරණ හැසිරවීම සඳහා අවශ්‍ය පුහුණුවක් ද ඉදිරියේ දී පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?