වෙළෙඳ ඇමති වසන්ත චීනයට

චීනයේ කුන්මින් නගරයේ දී හෙට (11) ආරම්භ වන 10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය – 2026 සඳහා සහභාගි වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා සමඟ වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා ඇතුළු පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

හෙට (11) ආරම්‍භ වන 10 වන චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය ලබන 16 වනදා තෙක් චීනයේ, කුන්මිං නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයටම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස සැලකෙනවා.

රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශකයන් සහ ආයතන සහභාගී වන මෙම ප්‍රදර්ශනයට මෙවර ලාංකික අපනයනකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200කට වැඩි පිරිසක් එක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42