spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙළඳසැලක් බිඳ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක් කොල්ලකෑ 5ක් අත්අඩංගුවට (ඡායාරූප)

මොණරාගල නගරයේ ඇති වෙළඳසැලක් බිඳ එහි තිබූ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනක් ඇතුළු පස් දෙනෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් අදාල වෙළඳසැලට ඇතුළු වී එහි තිබූ මුදල් මෙලෙස කොල්ලකා ඇති අතර එලෙස කොල්ලකන ලද මුදල්වලින් කොටසක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Image 2024 02 08 at 08.36.42 1
WhatsApp Image 2024 02 08 at 08.36.42
WhatsApp Image 2024 02 08 at 08.36.41 1
WhatsApp Image 2024 02 08 at 08.36.41
WhatsApp Image 2024 02 08 at 08.36.40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?