වෙසක් දන්සැල් සංවිධායකයින්ට දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සභාපති කේ.පී බොරලැස්ස සඳහන් කළේ දිවයින පුරා පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවල දී මෙම ලියාපදිංචි කිරීම් සිදුකරන බවයි.

ඒ, අනුව සභාපතිවරයා සියලුම දන්සැල සංවිධායකයින්ට දැනුම් දෙන්නේ ඔබ සංවිධානය කරනු ලබන දන්සැල ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉදිරියේ දී දන්සැල් සංවිධායකයින්ව දැනුම්වත් කිරීමට ද කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී දන්සැල සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ආකාරය සම්බන්ධයෙන් එම සංවිධායකයින්ව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනුම්වත් කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර සකසන ආහාර, ආහාර පිසීමේ සිට දන්සැල පැමිණෙන පුද්ගලයන්ට ලබාදෙන අතර කාලය උපරිම පැය 04ක කාලයක් තුළ ලබාදීමට කටයුතු කරන ලෙසට සභාපතිවරයා දන්සැල සංවිධායකයින්ට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14