වෙල්ලාලගේ සහ වනිඳු ශ්‍රී ලංකා ඉනිම අසීරුවෙන් ගොඩදමයි – කොදෙව්වන්ට 170 ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20-20 තරගය කිංග්ස්ටන් හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොදෙව් නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු සියල්ල දැවීලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 43ක් රැස් කළා.

ඊට අමතරව කාමිල් මිෂාර ලකුණු 28ක් සහ වනිදු හසරංග ලකුණු 21ක් රැස් කිරීමට සමත් වුණා.

දුනිත් වෙල්ලාලගේ සමඟ එක්වූ වනිදු හසරංග කඩා වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 160 සීමාවට රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ෂමාර් ජෝසප් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙක කණ්ඩායම් දෙකම ඒක්‌ තරගය ජයගෙන තිබීම හේතුවෙන් තරගාවලියේ ජය වෙනුවෙන් මෙම තරගයේ ජය දෙපිළටම වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49