වෙන්දිසි කිරීමට ගිය බුදුන් වහන්සේගේ පූජනීය මැණික් යළිත් ඉන්දියාවට හිමිවෙයි (ඡායාරූප)

නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීමක් ද සාධනීය මට්ටමින් සිදු වූ සොතෙබි වෙන්දේසිකරුවන් විසින් හොංකොං හි සිදුකිරීමට නියමිතව තිබූ වෙන්දේසි කිරීම නතර කර, මාස දෙකකට පසු බුදුන් වහන්සේගේ ධාතුන් අතර තැන්පත් කර තිබූ ඉපැරණි මැණික් නැවත ගෙන්වා ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ, වසර 127කට පසු පිප්‍රාවා මැණික් නැවත ලබාගැනීම ඉන්දියාවේ සංස්කෘතික උරුමයට ප්‍රීතිමත් දිනයක් බවයි.

සංස්කෘතික උරුම නීති උල්ලංඝනය කිරීම සඳහා ඉන්දියානු සහ හොංකොං උසාවිවල සහ අන්තර්ජාතික ආයතන හරහා වෙන්දේසි කරන ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය මැදිහත්වීමෙන් පසුව, එම වෙන්දේසිකරුවන් ඉකුත් මැයි මාසයේ සිදුකිරීමට නියමිතව තිබූ මැණික් වෙන්දේසිය කල්දැමීමට කටයුතු කළා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි,මැණික් මිල දී ගැනීම සඳහා ඉන්දීය රජය සහ Godrej Industries Group අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා කටයුතු කර තිබෙන බව සඳහන්.

එලෙස ලබාගත් මෙම වටිනා පුරාවස්තු විශේෂ උත්සවයකදී විධිමත් ලෙස නිරාවරණය කර මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් සොතෙබි වෙන්දේසිකරුවන් පැවසුවේ, පෞරාණික මැණික් තොගය ඉන්දියාවට නැවත ලබාදීමට පහසුකම් සැලසීම සතුටට කරුණක් බවයි.

එම මැණික් තොගය සඳහා හොඳම භාරකරු හඳුනාගැනීම වෙනුවෙන් පසුගිය මාස දෙකක කාලය තුළ දැරූ පරිශ්‍රමයේ සාර්ථක අවස්ථාව බව ද එම ප්‍රකාශයේ සඳහන්.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18