වෙඩි තැබීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

වෙඩි තැබීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු පොලිසිය සමඟ අද (16) අලුයම සිදු වූ වෙඩි හුවමාරුවක දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කඳාන, පොල්පිතිමූකලාන, ජය මාවත ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ද්ධියේ ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පසුගිය 05 වනදා අදාළ මාළු ව්‍යාපාරිකයාගේ නිවසට මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

සපුගස්කන්න්ද ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ දී සැකකරු සහ පොලිසිය සමඟ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ‘ජෙයරාජ්’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 49 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කිරිබත්ගොඩ රෝහලේ තැන්පත්කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10