වෘත්තිය සමිති විරෝධතාවයෙන් සේවා කටයුතුවලට බලපෑම් (ඡායාරූප)

ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් අද (01) ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රාජ්‍ය ආයතන හා සේවා ස්ථාන ගණනාවක කටයුතු අඩාල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

විශේෂයෙන් රෝහල් කටයුතු වලට මෙමගින් බලපෑම් එල්ලවී තිබෙනවා.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පලකිරීම මුලික අරමුණ කර ගනිමින් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

වෛද්‍ය, අධ්‍යාපන, වරාය, ඉන්ධන, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 40 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතයි.

Vavuniya Hospital 04
Vavuniya Hospital 03 1
Vavuniya Hospital 01
Vavuniya Hospital 02