වී මෙට්‍රික් ටොන් 33,666ක් වී අලෙවි මණ්ඩලයෙන් මිල දී අරන්

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666ක් වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගෙන ඇති බව
එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා.

මින් වැඩිම වී අස්වනු තොගයක් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම අවසන් කර ඇති නමුත් පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල මේ වනවිට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව එම ප්‍රදේශවල වී ගබඩා විවෘත කිරීමට කටයුතු කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.

පසුගිය ජුනි 13 වනදා සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වී අලෙවි මණ්ඩලය ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන යන බව ඖ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51