වී මිලදී ගැනීම සහ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් ලබාදීම අවධානය

රජය විසින් 2022/23 මහ කන්නයෙහි වී අස්වැන්නෙන් වී මිලදී ගැනීම සහ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන ගැටලු පිළිබඳ ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වී තිබෙනවා.

එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී යි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණේ.

මුදල්, කෘෂිකර්ම, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවල නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම්වරු සෘජුව සහ මාර්ගගත තාක්ෂණය හරහා මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියා.

මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී වී මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේදී ඇතිවී තිබෙන ප්‍රධාන ගැටලු තුනක් හඳුනා ගෙන තිබෙනවා.

වී නිෂ්පාදනය නොකරන දිස්ත්‍රික්කවලට සහල් බෙදාහැරීමේදී සිදුවන ප්‍රමාදය පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් වුණා.

ඒ අනුව, වී නිෂ්පාදනය නොකරන දිස්ත්‍රික්කවල සිටින අඩු ආදායම්ලාභී ජනතාවට පළමු හාල් කිලෝ 10 කඩිනමින් බෙදා හැරීමට සැලැස්මක් සකස් කරන ලෙසටයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩී. වීරසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම වී මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා හේතුවෙන් රජය නියම කරන ලද මිලට වී මිලදී නොගන්නා බවත් එමගින් ගොවීන්ට නිසිලෙස ප්‍රතිලාභ නොලැබෙන බවත් මන්ත්‍රීවරු පෙන්වා දී තිබෙනවා.

මෙම අක්‍රමිකතා වැළැක්වීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරු අවධාරණය කරනු ලැබුවා.

ඒ අනුව වී මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා හඳුනාගෙන ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් කාරක සභාවේ සභාපතිවරයා මේ තුළින් ගොවීන් ගොවිතැනින් ඉවත්ව යෑම වළක්වා ගත හැකි බව පෙන්වා දුන්නා.

මේ අතර, ප්‍රතිලාභීන්ගේ දත්ත නඩත්තු නොකිරීම හේතුවෙන් සහල් බෙදාහැරීමේ දී මහජනතාවට අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බව කාරක සභාවේ දී අවධානයට ලක් වුණා.

මේ හේතුවෙන් අගහිඟකම් ඇති සුදුස්සන්ට ප්‍රතිලාභ නොලැබෙන බවත්, නුසුදුස්සන්ටත් සහල් ලැබෙන බවයි මන්ත්‍රීවරු පැවසුවේ.

මහජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන බව ඔවුන් පෙන්වා දුන් අතර ඒ අනුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් දත්ත ගබඩාවක් නිර්මාණය කළ හැකි බව කාරක සභාව පෙන්වා දී තිබෙනවා.

මෙයට අමතරව, 2023 යල කන්නය සඳහා පොහොර බෙදාහැරීම, පොහොර මිල නියාමනය කිරීම, කාබනික පොහොර නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම, දේශීය බීජ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ආනයන කරනු ලබන බීජ සඳහා මිල නියාමනය කිරීම ඇතුළු කාරණා පිළිබඳව ද කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14