වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් සවි කිරීමට ගිය අයෙක් මරුට

මාර්ගයේ සවි කර ඇති වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් සවි කිරීමට ගිය අයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මුන්දලම – අක්කර 60 පදිංචි ව සිටි තුරෙයිරාජා මධුෂාන් තාගෝර් න්ම්වූම් 25 හැවිරිදි අයෙක්.

ඔහු විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි හෙළි ව ඇත්තේ.

ඉකුත් 22 වැනිදා සවස 4.30 ට පමණ මෙම අනතුර සිදු වී තිබෙනවා.

පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන විදුලි බල මණ්ඩලයට අයත් මුන්දලම – කිරිමට්ටාව ගම්මානයේ ඇති වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් (සෙන්සර්) සවි කරමින් සිටිය දී විදුලි සැර වැදීමෙන් අයෙකු බිමට වැටුණු බව එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මුන්දලම පොලීසියට දැනුම් දී
තිබෙනවා.

විදුලි සැර වැදී බිමට වැටුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මිය ගොස් ඇති අය මුන්දලම – කිරිමට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසේ විදුලිය අළුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණ තිබෙනවා.

තම නිවස ආසන්නයේ ඇති වීථි පහන සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් සවි කර දෙන ලෙස එම නිවැසියා
මියගොස් ඇති විදුලි කාර්මිකයාගෙන් ඉල්ලීමක් කෙරුණා.

ඒ අනුව විදුලි කාර්මිකයා පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු කරන විදුලි බල මණ්ඩලයට අයත්
වීථි පහන ස්වයංක්‍රීය පද්ධතිය සවි කිරීමට යාමේ දී අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14