spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විසර්ජන පනතට කථානායක අත්සන් තබයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහාඊයේ (08) අත්සන් කර තිබෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වූ අතර එහිදී නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ කථානායකවරයා විසින් විසර්ජන පනතට සිය අත්සන තැබූ බවයි.

පසුගිය නොවැම්බර් 14 වැනිදා ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 22 දක්වා පැවැත් වූ අතර, එහිදී දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 37 කින් සම්මත වුණා.

විසර්ජන පනත් කෙටුම්ප‍තට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වූ අතර එහි ඡන්ද විමසීම සිදු කෙරුනේ ඊයේ (08) පස්වරුවේයි.

එම ඡන්ද විමසීමේ දී එය වැඩි ඡන්ද 43කින් සම්මත වුණා.

මේ අනුව, 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2022 අංක 43 දරන විසර්ජන පනත ලෙස 2022 දෙසැම්බර් 08 වන දින සිට බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?