spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විෂ සහිත ත්‍රිපෝෂ තොගයක්

දරුවන්, මව්වරුන් සහ ගර්භණී මව්වරුන් වෙනුවෙන් බෙදා හැරීමට, සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලවලට යවා ඇති ත්‍රිපෝෂ නැවත එකතු කර ගනිමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නම් රසායනිකය අධික ලෙස අන්තර්ගත වීම නිසාවෙන් බව ඔහු පවසයි.

සම්මතය අනුව වයස අවුරුදු 1ට අඩු දරුවන්ගේ ආහාරවල මෙම රසායනික තත්ත්වය පැවතිය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් එකක් බවත්, වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ ආහාරවල එම අගය පැවතිය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් පහක් බවත්, මව්වරුන්ගේ ආහාරවල එම අගය සඳහන් විය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් 30ක් බවයි.නමුත් මෙම ත්‍රිපෝෂ තොගයේ අඩංගු ඇෆලටොක්සීන් ප්‍රමාණය එම සම්මතයන් ඉක්මවා ඇති බව ඔහු අනාවරණය කරයි.

ඒ අනුව මෙම රසායනිකය ශරීරගත වීමෙන් අක්මාව ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීම, අක්මාව හානි වීම සහ දරුවන්ගේ ශරීර වර්ධනය බාල වීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව ඔහු සඳහන් කරයි.මේ ආකාරයෙන් විෂ සහිත ත්‍රිපෝෂ දරුවන්ට හා මව්වරුන්ට බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධව යම් දේශපාලකයෙක් හෝ රජයේ නිලධාරියෙක් වගකීම් විරහිතව කටයුතු කරන බවත් එම බලධාරීන් කෙරෙහි කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ආකාරයෙන් විෂ සහිත ත්‍රිපෝෂ දරුවන්ට හා මව්වරුන්ට බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධව යම් දේශපාලකයෙක් හෝ රජයේ නිලධාරියෙක් වගකීම් විරහිතව කටයුතු කරන බවත් එම බලධාරීන් කෙරෙහි කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?