විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් නව බස් රථ යෙදවීමේ ව්‍යාපෘතිය පුද්ගලික සමාගමකට

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායු සමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා බස් රථ 10ක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා ඇති අතර, ලබන මාර්තු මස 15 වැනිදා වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතයි.

කෙසේ වෙතත් එකී බස් රථ ධාවනය සහ නඩත්තුව සඳහා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් සහ ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

එබැවින්, බස් රථ ප්‍රවාහනය නවීකරණය සඳහා වන මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස් රථ 100 ක් කොළඹ නාගරික ප්‍රදේශය තුළ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස, 2025-07-21 දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිතකරනු ලැබ ඇති ලංකා මෙට්‍රො ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමාගම වෙත අදාළ බස් රථ 10 පවරා, ඒවායේ මෙහෙයුම් කටයුතු එම සමාගම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබෙනවා.කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54