විශ්‍රාම යෑම ප්‍රමාද කිරීමෙන් සිදුවූ වාසිය

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැට පහ දක්වා දීර්ඝ කිරීමෙන් වාර්ෂිකව පාරිතෝෂික ගෙවීම සඳහා වැය වන මුදලින් රුපියල් බිලියන පහළොවක මුදලක් ගෙවීම් නොකර ඉතිරි කර ගැනීමට හැකි වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. වාර්ෂිකව පාරිතෝෂික ගෙවීම් සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 35ක මුදලක් වැය කරයි. විශ්‍රාම යන වයස අවුරුදු හැට පහ කිරීමෙන් ගෙවිය යුතු වන්නේ රුපියල් බිලියන විස්සක මුදලක් පමණ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් හමුදා සාමාජිකයන්ට හා කලින් විශ්‍රාම යන පිරිස් වෙත ගෙවන පාරිතෝෂිත සඳහා තවදුරටත් රුපියල් බිලියන විස්සක මුදලක් අවශ්‍ය වන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අයවැය යෝජනාවකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15