හිටපු මන්ත්‍රීගේ පුතා පැදවූ සුඛෝපභෝගී V8 රථය උඩින් ගිය හැටි (වීඩියෝ)

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු පදවාගෙන ආ සුඛෝපභෝගී V8 වර්ගයේ ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිඳු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති අතර, ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සුඛෝපභෝගී ජීප් රථය පදවාගෙන ආ සරසවි සිසුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු බවට නිල නොවන තොරතුරු ලැබී තිබෙනවා.

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටී පසුව විදුලි කණුවක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

https://youtu.be/KcUxQt3yDyU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25