spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු මන්ත්‍රීගේ පුතා පැදවූ සුඛෝපභෝගී V8 රථය උඩින් ගිය හැටි (වීඩියෝ)

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු පදවාගෙන ආ සුඛෝපභෝගී V8 වර්ගයේ ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිඳු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති අතර, ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සුඛෝපභෝගී ජීප් රථය පදවාගෙන ආ සරසවි සිසුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු බවට නිල නොවන තොරතුරු ලැබී තිබෙනවා.

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටී පසුව විදුලි කණුවක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

https://youtu.be/KcUxQt3yDyU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
15
+1
41
+1
13
+1
16
+1
18
+1
30
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?