විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු සඳහා අගමැතිනියගෙන් විසඳුම්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්චාවක් අද (12) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී පැවැත්වුණා.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද ඒ සඳහා සහබහගි වී සිටියා,

එහිදී ඔවුන්ට මතුව තිබෙන වැටුප් අනුපාතය ප්‍රතිශතයක් ලෙස පහත වැටී තිබීම, එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව, අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වුණා.

දැනට ක්‍රියාත්මක වැටුප් වැඩිකිරීමට සමගාමී ව අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් අනුපාතය ක්‍රමික ව 20% සිට 11%ටත් දැනට 11% සිට 06.94% දක්වා අඩුවීමේ ගැටලුව වහා විසඳිය යුතු බවට අවධාරණය කෙරුණා.

මීට පෙර රාජ්‍ය සේවක වැටුපට සමගාමී ව ඔවුන්ගේ වැටුප ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබූ බවත් අවුරුදු කිහිපයක් ඇතුළත එය ක්‍රමයෙන් අඩු පරතරයකට පත්වී තිබීම ගැටලුවක් බව ද ඔවුහු අවධාරණය කළහ.

ඊට අමතර ව එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව සහ අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ මීට පෙර ද දේශපාලන අධිකාරිය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබුණ ද අවශ්‍ය විසඳුම් ලැබී නොමැති බව ද ඔවුන් පෙන්වා දුන්නා.

එමෙන් ම අනධ්‍යයන සේවක හිඟය සහ අලුතින් බඳවා ගැනීමට පියවර නොගැනීම පිළිබඳ ව ද අවධාරණය කළා.

නව පත්වීම් සම්බන්ධ ගැටලුව මේවන විටත් විසඳී තිබෙන බවත් අනෙකුත් ගැටලු පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව සියලු ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමඟ පවත්වන සාකච්ඡාවකින් පසු ස්ථිර විසඳුම් ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ එකඟතාව පළවුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක් වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20