විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අදත් වැඩ වර්ජනයේ

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (13) දිනයේ දීත් ක්‍රියාත්මක වනවා.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් එම සේවකයින් ඊයේ (12) දහවල් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

මේ අතර අද (13) දිනය තුළ සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා සංවිධානය කර ඇති බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ.