විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට අද සිට අමතර රුපියල් 3000ක්

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සිට ගිණුම්වලට බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙසයි උපදෙස් ලබා දුන්නේ.

මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට ජනාධිපති උපදෙස් මත එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණ ද, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොතිබුණු බවයි පසුගියදා වාර්තා වූයේ.

පසුගිය 14 වන දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් මෙම දීමනාව අද සිට ගෙවීමට කටයුතු කරනු ඇති.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට අනිද්දා (18) සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23