විවාහය මුවාවෙන් මාව සූරාකෑවා – කාන්තාවකගෙන් RCB වේග පන්දු යවන්නාට චෝදනාවක්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක යෂ් දයාල්ට කාන්තාවක් විසින් විවාහයේ මුවාවෙන් සූරාකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ්හි ගාසියාබාද් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මෙම චෝදනා එල්ල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදාළ කාන්තාව විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ අන්තර්ජාල දුක්ගැනවිලි ද්වාරය වන IGRS හරහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව පවසන්නේ පසුගිය වසර පහක කාලය තුළ යෂ් දයාල් විසින් තමන්ව මානසිකව සහ ශාරීරිකව සූරාකෑමට ලක් කළ බවයි.

යෂ් දයාල් විසින් තමාව ඔහුගේ පවුලේ ලේලිය ලෙස හඳුන්වා දුන් බවත් අදාළ කාන්තාව සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් කර තිබෙනවා.

මෙම කාන්තාව තව දුරටත් චෝදනා කර ඇත්තේ යෂ් දයාල්ට වෙනත් කාන්තාවන් සමඟ ද සබඳතා ඇති බවට තමාට පෙනී ගිය බවයි.

පොලිසිය මට්ටමින් මෙම කාරණය ඉදිරියට රැගෙන නොගිය බව පැවසූ මෙම කාන්තාව මූල්‍ය හා සමාජීය අසරණභාවය හේතුවෙන් යුක්තිය පතා මහ ඇමති කාර්යාලය වෙත මෙම පැමිණිල්ල සිදුකළ බවයි ඇය පවසා ඇත්තේ.

තමා සතුව සාක්ෂි ලෙස ක්‍රිකට් ක්‍රීඩකයා සමඟ සිදුකළ කතාබස්, කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම් සහ ඡායාරූප ආදිය ඇති බවත් ඇය පවසනවා.

මෙම පැමිණිල්ල පිළිබඳව කඩිනමින් සහ අපක්ෂපාතීව විමර්ශනය සිදුකර විත්තිකාර යෂ් දයාල්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි මෙම කාන්තාව ඉල්ලා සිටින්නේ.

නිමා වූ අයි.පී.එල් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායාමට ශූරතාව දිනාගැනීමට යෂ් දයාල් ඉහළ කාර්ය භාරයක් ඉටුකළ ක්‍රීඩකයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00