විරෝධතාකරුවන්ට ඇමරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවුඩයක්

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව විරෝධතාවෙහි නිරත වන ලෙස විරෝධතාකරුවන්ගෙන් මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් ඉල්ලා සිටිනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටියා.

සාමකාමී විරෝධතාවෙහි නිරත වීමට විරෝධතාකරුවන්ට අවස්ථාව ලබා දෙන ලෙසත්, ඔවුන්ට ආරක්ෂාව සලසා දීමට හමුදාව සහ පොලීසියට කටයුතු කරන්නැයි ඇය එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

4