වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 93,171 දක්වා ඉහළට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 93,171ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 07ට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 28,947ක්.

පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවත් නියං සමයත් සමග සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

පානීය ජල මුලාශ්‍රය පිරිසිදු නොවන බවට ඔබට යම් සැකයක් ඇත්නම් එම ජලය උණුකර නිවා පානය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවීන්ට වන්දි ලබාදීමට තීරණය කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම්, ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ අක්කරයකට රුපියල් 40,000 සිට වන්දි මුදල් ලබා දෙන බවයි.

ඊට අදාළ තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39