වියට්නාම් තානාපතිනිය, කතානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් ඊයේ (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කතානායක ජගත් වික්‍රමරත්න හමු වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන ද්විපාර්ශවික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව කතානායකවරයා සහ තානාපතිවරිය අදහස් හුවමාරු කරගත් අතර, ප්‍රධාන වශයෙන් දෙරට අතර බුදු දහම සහ සංස්කෘතිය යන අංශවලින් ඇති සබඳතාවය පිළිබඳ අවධානය යොමු වුණා.

එසේම පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

තවද වියට්නාමයේ කෘෂිකර්මාන්තය වඩාත් ඵලදායී ආකාරයෙන් යොදාගනිමින් සිදුකරන නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව ගරු කතානායකවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළා.

මේ අනුව කෘෂිකර්මාන්ත අංශයේ තම ර‍ට සතු තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද ශ්‍රී ලංකාව සමග හුවමාරු කරගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව තානාපතිවරිය මෙහිදි පැවසුවා.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55වන සංවත්සරය සැමරීමට සමගාමීව දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් රාශියක් සැලසුම්කොට ඇති බවද වියට්නාම තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ද හමුවුණා.

මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරීත්වය පුළුල් කිරීමේ වැදගත්කම වියට්නාම් තානාපතිවරිය අවධාරණය කළා.

එසේම මෙවර අයවැය මගින් විදේශ ආයෝජන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යෙ‍ාමු කිරීම පිළිබඳව ද තානාපතිවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කර සිටියා.

තවද දසවැනි පාර්ලිමේන්තුව වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව බවත් එය වඩාත් වැදගත් සංධිස්ථානයක් බවත් මෙහිදී නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28