වියට්නාම් ජාතිකයින් 74ක්, තායිවාන් හා චීන ජාතිකයින් 06ක් මෙරට දී අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස් වසමේ උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී ඊයේ (06) දින සවස කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් නීති විරෝධී අන්දමින් මූල්‍ය වංචාවන් සිදු කිරීමට සැකපිට විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙක් හා සැකකකාරියන් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන වියට්නාම් ජාතිකයින් බවයි පොලිසිය සඳහන් කාලේ.

කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම ඊයේ (06) දින සවස ගන්දර පොලිස් වසමේ තළල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ දී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් නීති විරෝධී ලෙස මූල්‍ය වංචාවන් සිදුකිරීම, සංචාරක වීසා මගින් ව්‍යාපාර සිදුකිරීම හා තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි ලඟ තබාගැනීම සම්බන්ධයෙන් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුවන් හා සැකකාරිය අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන තායිවාන් හා චීන ජාතිකයින් වනවා.

මේ සම්බන්ධයෙන් ගන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49
Video thumbnail
මමයි විමලුයි හොඳ යාළුවෝ - කරදරයක් වුණාම බලන්න යනවා
04:49
Video thumbnail
බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම - "හොඳට හෝදන්න - ආයේ කෙළ ගහන්න බෑ"
01:04
Video thumbnail
මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ගේන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා බලහත්කාරයෙන් තියාගන්න - එයාලා බයවෙලා
01:22
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36