වියට්නාමයෙන් කොළඹ මහ නගර සභාවට අමෙරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) අද (08) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, කුඩා දරු දැරියෝ පිරිසක් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් වියට්නාම් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළා.

හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක් වූ වියට්නාම් ජනාධිපතිවරයා පාසල් සිසුන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර නිර්මාණ නැරඹීමටද එක්වුණා.

අනතුරුව, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති “වියට්නාම්-හෝ චි මිං පරිශ්‍රය” (Vietnam-Ho Chi Minh Space) පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක් වූ වියට්නාම් ජනාධිපතිවරයා එහි ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට එක්වුණා.

මෙහිදී මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපති වරුණි ගඟබඩආරච්චි විසින් හෝ චි මිං පරිශ්‍රය නවීකරණය කිරීමේ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ වාස්තු විද්‍යාත්මක සැලසුම් පිළිබඳව පැහැදිලි කරන ලද අතර, ඒ වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ වියට්නාමයේ රාජ්‍ය විගණන කාර්යාලයේ විගණකාධිපති න්ගුයෙන් හූ න්ගියා (Nguyen Huu Nghia) විසින් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් වෙත ඇමෙරිකානු ඩොලර් 50,000ක්ද ප්‍රදානය කරනු ලැබුවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, උප නගරාධිපති හේමන්ත විරකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55