විභාග ලකුණු දැඩි පීඩනයක් වූ දියණිය දරාගත නොහැකි දුකින් ජීවිතයට සමුදෙයි

විභාග වලට ලකුණු මදි බවට පවසමින් පාසලේ ගුරුවරුන්ගෙන් ලද පීඩනය නිසාවෙන් එම පීඩනය දරා ගත නොහැකිව නිවසේ තිබූ ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සිය දිවි හානි කර ගත් 15 හැවිරිදි දියණියක් පිලිබඳව හෝමාගම තලගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි තම දියණිය වාර විභාගවලින් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මදි බව පවසා දිගින් දිගටම තම දියණියට අඩත්තේට්ටම් සිදුකර ඇතැයි ද එම දෙමාපියන් පවසති

ඒ අනුව පෙරේදා (30) දින පාසල් යාමට සැරසී නිල ඇඳුමෙන් සිටි දියණිය ඇයගේ අසනීප තත්ත්වයන්ට ලබා දී තිබූ ඖෂධ සහ පියාට අධික රුධිර පීඩනයට ලබාදී තිබූ ඖෂධ අධි මාත්‍රාවකින් පානය කිරීම නිසාවෙන් බරපතල තත්වයෙන් රෝහල් ගත කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම තලගල පදිංචි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රුචිකා ඉන්දුමා නමැති දියණියකි

එම දියණියගේ පියා ද පාදුක්ක වටරැක බන්ධනාගාර සුනීත පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
18
+1
7
+1
6
+1
102
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?