විභාග පරීක්ෂිකාවගේ නොසැළකිල්ලෙන් ශිෂ්‍යත්ව ලියූ සිසුන් පිරිසකට ලොකු අසාධාරණයක් (වීඩියෝ)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,894 කදී අද (18) පැවැත්වුණා.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 334,698 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපර්තමෙන්ම්තුව සඳහන් කළේ.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය අතර තුර සිසුන් පිරිසකට මුහුණ දීමට සිදුවූ අසාධාරණයක් පිළිබඳව ගල්ගමුව – ඇහැටුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණ දුන් සිසුන් පිරිසකට මෙම අසාධාරණය සිදුව ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලිවීමට පැමිණ සිටි, නිතලව ඥානීස්වර විද්‍යාලයේ සිසුන් පිරිසකටයි විභාග පරීක්ෂිකාවකගේ නොසැළකිල්ලෙන් මෙම අසාධාරණය සිදුව ඇත්තේ.

අද දිනයේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමුව ලබාදුන් දෙවන ප්‍රශ්න පත්‍රය, විභාග පරීක්ෂිකාවක් ලෙස කටයුතු කළ ගුරුවරියක විසින් විභාගය ලියූ සිසුන් අතර මාරුකර ලබාදීමෙන් මෙම ගැටළුව මතුව තිබෙනවා.

ප්‍රශ්න පත්‍රය ලබා දී පැය භාගයකට පමණ පසු සිසුන් අතර ප්‍රශ්න පත්‍රය මාරුකර ලබාදී බවට දැන ගැනීමත් සමඟ යළිත් එම ප්‍රශ්න පත්‍රය සිසුන්ගෙන් ලබා ගැනීමටයි අදාළ පරීක්ෂිකාව කටයුතු කර ඇත්තේ.

එලෙස ලබාගත් ප්‍රශ්න පත්‍රයේ සිසුන් විසින් සටහන්කර තිබූ පිළිතුරු මකා දමා යළිත් පිළිවෙලට සිසුන් වෙත ලබාදීමට අදාළ විභාග පරීක්ෂිකාව කටයුතු කර ඇති බවයි එම සිසුන්ගේ මව්පියන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් තම දරුවන්ට නියමිත කාලය තුළ අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නොහැකි වූ බවත් එම මව්පියන් චෝදනා කරනවා.

https://youtu.be/0XCDkHvU7aw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57