spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් එම කාරක සභාවෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් එම කාරක සභාවෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට එරෙහිව විරෝධය පලකරමින් විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් මෙම කාරක සභාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අද (19) දිනයේ මෙම කමිටුවෙන් ඉවත් වන බව නිලවශයෙන් දැනුම් දුන්නා.

මීට පෙරද ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
14
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?