විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන ඉල්ලීම; ජනපති හා පොලිස් ඇමති දැනුවත් කරන්න පොලිස්පති සැරසෙයි (වීඩියෝ)

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

මේ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම‍ට කටයුතු කරන ලෙස ඔවුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙහිදී කතානායකවරයා සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත්, ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂ‍ාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එසේම අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී කතානායකවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ සඳහා සහභාගී වූ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසත් පසුව තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32