“වින්ග් -චුං” ශෛලිය රැගෙන මාස්ටර් “ය – ෂාඔරොං” ශ්‍රී ලංකාවට

චීනයේ ෆූජියෑං පළාතෙහි සුප්‍රසිද්ධ සටන් කලා ගුරුවරයෙක් වන මාස්ටර් “ය – ෂාඔරොං” (Li, Shaorong) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ අද (04) රාත්‍රී 07,15ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි බවයි.

චීනයේ ජනප්‍රිය එමෙන්ම සාම්ප්‍රදායික චීන සංස්කෘතිය හා බැදුණු සටන් කලාවක් වන වින්ග් -චුං (Wing Chun) ශෛලිය නිර්මාණය කරන ලද පරම්පරාවෙහි 09 වන පරම්පරාවෙහි නායකතුමා වන්නේ මාස්ටර් ‘ය – ෂාඔරොං’ වනවා.

ලෝක ප්‍රකට සටන් ශිල්පියෙකු හා නලුවෙකු වන බෲස්-ලි පළමුවෙන් ම අභ්‍යාසය ලබා ඇත්තේ ද මෙම වින්ග් -චුං සටන් කලාවයි.

ශාරීරික මෙන් ම මානසිකව ද පුද්ගලයාට ප්‍රතිලාභ රැසක් ලබාදෙන ඉහළ පෙළේ සටන් ශෛලියක් ලෙසෙ මෙම චිං-චුං සටන් ශෛලිය හඳුනාගෙන තිබෙනවා.

ය – ෂාඔරොං ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ චීන ජනතාව සතු මෙම වින්ග් -චුං සටන් කලාව ශ්‍රී ලංකාවට දායාද කිරීමේ චේතනාව සාර්ථක කර ගැනීම සඳහායි.

ඔහු ගෙන්වීම සහ මෙම අවස්ථාව ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනූයේ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය සහ චීන තානාපති කාර්යාලයට අනුබද්ධ චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින්.

හෙට (05) දින මෙම වින්ග් -චුං සටන් කලාව සම්බන්ධයෙන් එහි වටිනාකම සහ සංස්කෘතික සටන් කලා සංදර්ශනයක් කොළඹ BMICH පරිශ්‍රය තුළ පස්වරු 02.30ට සංවිධානය කර තිබෙනවා. මේ සදහා සහභාගී වන අය හට විශේෂ සහතික පත්‍රයක් පිරිනැමීමට ද කටයුතු සූදානම් කර තිබෙන බවයි ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

පසුව ජනවාරි 06 වනදා මාතර කොටවිලගම ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 06.30 දක්වා මෙම සංස්කෘතික සටන් කලාව හඳුන්වා දීම සහ ඉගැන්වීම සිදුකිරීමට නියමිතයි.

කටුනායකට පැමිණි සටන් කලා උපදේශකවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා සහ චීන සංස්කෘතික මධ්‍යස්ථානයෙහි නිලධාරීන් පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05