විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරිවරයා කාර්යාල අඩස්සියේ තබමින් සේවකයන් විරෝධතාවක

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරිවරයා කාර්යාල අඩස්සියේ තබමින් එහි සේවකයන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

සේවකයන්ට ලබාදීමට නියමිත බෝනස් මුදල් ලබාදෙන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතාවය සිදුකරන බවයි වාර්තා වන්නේ.

අදාළ බෝනස් මුදල් ලබා නොදෙන ලෙසට පසුගියදා කෝප් කමිටුව ලබාදී ඇති නියෝගයකට අදාළව බෝනස් ලබා නොදීම හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ සේවකයන් සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස කාර්යාල අඩස්සියේ තබාගෙන ඇතැයි සඳහන්.