විදේශ සහ අධිකරණ ඇමතිවරුන් දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ඇරයුමකට අනුවයි මෙම සංචාරය සිදු කෙරෙන්නේ.

මෙම සංචාරය, දේශීය යාන්ත්‍රණ හරහා ප්‍රතිසන්ධාන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව දැක්වෙන ප්‍රතිපත්තිය සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර සංසද හමුවේ සිදු කර ඇති ප්‍රකාශ සමඟ අනුකූල බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙම පසුබිම තුළ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් යෝජනා කරන ලද සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සංකල්පය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එම අනුකමිටුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා යි.

මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව සාකච්ඡා පවත්වා සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ නීතියක් කෙටුම්පත් කිරීමට පහසුකම් සැලසීමටත් විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරනු ලැබුවා.

මෙම ක්‍රියාවලියට සහය දැක්වීමේ අරමුණ සහිත දකුණු අප්‍රිකානු රජය, දකුණු අප්‍රිකාව සිය සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ දී ලද අත්දැකීම් සම්බන්ධයෙන් අවබෝධය ලබා දීම සඳහායි දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇරයුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?