විදේශ, සංචාරක සහ අධිකරණ අමාත්‍යවරු වත්මන් තත්වය ගැන කොළඹ රාජ්‍ය තාන්ත්‍රික බලකායට විස්තර කරයි

කොළඹ පදනම් වූ නව වසර සඳහා රාජ්‍ය තාන්ත්‍රික බළකායේ පළමු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව ඊයේ (10) විදේශ අමාත්‍යාංශයේදී පැවැත් වුණා.

ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්.

විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව 2023 සමාජ-ආර්ථික ස්ථාවරත්වයේ, සංහිඳියාවේ සහ ප්‍රකෘතියේ වසරක් ලෙස අපේක්ෂා කරන බව අමාත්‍ය සබ්රි ආරම්භයේදීම අවධාරණය කළ බවයි.

ප්‍රකෘතිමත් වීම සහ අභියෝග මධ්‍යයේ ගෙන ඇති මුලපිරීම් සඳහා රට තුළ ඇති ප්‍රගතිය පිළිබව ද ඔහු මෙහිදී විස්තර කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය R.H.W.A. කුමාරසිරි යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා.

සංහිඳියාව සම්බන්ධයෙන්, අමාත්‍ය සබ්රි විසින් 2022 දෙසැම්බරයේ ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුකාරකයේ ක්‍රියාත්මක වන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව (APC) ඇතුළුව මෑත මාසවල රජය විසින් ගනු ලැබූ ප්‍රධාන ක්‍රියාමාර්ග පිළිබඳ වත්මන් තොරතුරු මෙහිදී ලබාදෙනු ලැබුවා.

සංහිඳියාව පිළිබඳ කමිටුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උතුරු පළාතේ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීම, සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණයක් පිහිටුවීමට සහ එතෙර ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමට රජය දැඩි උත්සාහයක් ගෙන ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පුළුල් නීති කෙටුම්පත් කිරීම, දූෂණ විරෝධී නීතිය පිළිබඳ යාවත්කාලීන කිරීම, අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් සම්බන්ධ කරුණුවල ප්‍රගතිය, ඇතුළුව අධිකරණ අමාත්‍යවරයා විසින් ආරම්භ කර ඇති ප්‍රගතිය පැහැදිලි කළේය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී පැහැදිළි කෙරුණා.

2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වැඩි කිරීම මෙන්ම දිරිමත් කිරීම සඳහා ඉන්ධන සැපයීම සහතික කිරීමට ගෙන ඇති පියවර ඇතුළුව සංචාරකයින් සඳහා අත්‍යවශ්‍ය සියලු පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවයි සංචාරක අමාත්‍යවරයා අවධාරණය කළේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වත්මන් ආර්ථික තත්ත්වය සහ අපේක්ෂිත ඉදිරි ගමන පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙනවා.

අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා අනුගමනය කර ඇති සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිළි කරනු ලැබුවා.

මානව හිමිකම් කවුන්සිලයේ ස්වේච්ඡා සමාලෝචන ක්‍රියාවලියක් වන විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) 4 වන චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සිය ජාතික වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

ජාතික වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියේදී රජය සිවිල් සමාජ සංවිධාන (CSO) ඇතුළු දේශීය පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන ලබා ගත් අතර, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී මැදිහත්වීමක් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා අවධාරණය කළා.

ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව පැවති සාකච්ඡාවේදී වත්මන් තත්ත්වය සහ යථා තත්ත්වයට පත්වීම සහ ස්ථාවරත්වය සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ලබාදුන් ඵලදායී සහ ප්‍රයෝජනවත් කරුණු දැක්වීම පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්ගේ කෘතඥතාව පළ කළ බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12