spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ රැකියා අපේක්ෂිතයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී සහනයක්

විදේශ රැකියා සඳහා රටින් පිටව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි මෙම අනුමැතිය ලබාදී ඇත්තේ.

විදේශ රැකියා සඳහා පිටව යාමට අවශ්‍ය පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා තමන්ට විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදෙන ලෙසට බොහෝ පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා.

ඒ සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතායි මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන, නව ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය, දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තියේ සිට 392 වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩකිරීම, 400 වගන්තිය සිට 403 වගන්තිය දක්වා ඇති වංචා කිරීම සහ විෂ වර්ග, අබිං, අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු මෙලෙස පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කිසියම් පුද්ගලයකු නීතිමය කටයුත්තකින් නිදොස්කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයද පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පරමාර්ථ කරගත් සියලුම පනත් යටතේ ඇති වරදවල් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති වරදවල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පොලිස් වාර්තාවට ඇතුළත් කෙරෙන බව අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?