විදේශ ඇමති හෙට (02) ඉන්දියාවට

විදේශ අමාත්‍ය අලි සබ්රි හෙට (02) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වනවා.

ඒ, භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහායි.

ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙනවා.

සමුළුව අතර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ “බලාපොරොත්තුවේ බයිට්: තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 3 වනදා පැවැත්වීමට නියමිත විශේෂ සංවාදවලට ද ඔහු සහභාගී වනු ඇති.

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක සිය මිත්‍ර පාර්ශ්ව හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35