විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණ කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) රැස් වුණා.

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටි එම කමිටුවේ ලේකම් කාර්යාලයේදී සිය තෙවැනි රැස්වීම මෙලෙස පවත්වනු ලැබුවා.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කමිටුව මඟින් පසුගිය මාසයේ මෙරටට බලපෑ ස්වාභාවික ආපදාවෙන් පසු ලැබෙන සියලුම විදේශීය මානුෂීය ආධාර සම්බන්ධීකරණය, කළමනාකරණය සහ බෙදාහැරීම සඳහා වගකීමෙන් ක්‍රියා කරනු ලබනවා.

ලැබෙන ආධාර තොග භාර ගැනීම සහ තහවුරු කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය පරිදි වෙන් කිරීම, පිටත් කර හැරීම සහ අවසානයේ බලපෑමට ලක් වූ ජනතාව වෙත බෙදාහැරීම ඇතුළු සමස්ථ සහන සැපයුම් ක්‍රියාවලිය මෙම කමිටුව මගින් අධීක්‍ෂණය කරනු ඇති.

ඊයේ (15) පැවති සාකච්ඡාවේදී, සහන මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය, ආපදා සහන ද්‍රව්‍ය බෙදාදීමේදී මුහුණ දුන් අභියෝග සහ මානුෂීය ආධාර ලැබීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට අදාළ ගැටළු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කරනු ලැබුවා.

මෙහිදී විශේෂයෙන්ම, ඔරුගොඩවත්ත ආපදා සහන ද්‍රව්‍ය ගබඩාවේ සිදුවෙමින් පවතින මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු වූ අතර, කාර්යක්‍ෂමතාව, වගවීම සහ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධාරණය කළා.

ඒ අනුව ලැබෙන සහ බෙදා හරින ලද සියලුම සහන සැපයුම් තත්‍ය කාලීනව නිරීක්‍ෂණය කිරීමට හැකි වන විදේශ ආධාර ලුහුබැඳීමේ පද්ධතියේ (Foreign Aid Tracking System) ක්‍රියාකාරිත්වය ද කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබුවා.

එමෙන්ම විනිවිදභාවය සහ ඵලදායී සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතනවලට නිතිපතා යාවත්කාලීන කරන ලද තොරතුරු සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව සිහිපත් කළ අතර, ආපදා සහන මෙහෙයුම් විධිමත් කිරීම සඳහා තොරතුරු ඉල්ලා සිටීමට, අදාළ නිලධාරීන් කැඳවීමට සහ නියෝග නිකුත් කිරීමට මෙම විශේෂ කමිටුවට බලය පවරා තිබෙනවා.

මානුෂීය ආධාර කාර්යක්‍ෂමව සහ ප්‍රමාදයකින් තොරව බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත ළඟා වන බව සහතික කිරීම සඳහා කාලෝචිත සම්බන්ධීකරණය, නිවැරදි වාර්තාකරණය සහ නියෝජිතායතන අතර අන්තර් සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29